හදට හදක් භාරකාර අරමුදලේ වෙබ් අඩවිය එළිදැක්වේ

හදට හදක් භාරකාර අරමුදලේ වෙබ් අඩවිය එළිදැක්වේ

by Staff writer 16-02-2019 | 5:18 PM
COLOMBO (News 1st) - හදට හදක් භාරකාර අරමුදලේ වෙබ් අඩවිය නිල වශයෙන් එළිදැක්වීම අද පෙරවරුවේ සිදු කෙරිණි. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙම උත්සවය පැවැත්වුණේ, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද පුහුණු ශ්‍රවණාගාරයේදී ය. හදට හදක් භාරකාර අරමුදල සම්බන්ධයෙන් තොරතුරු පහසුවෙන් දැන ගැනීමට නව වෙබ් අඩවිය හරහා අවස්ථාව උදාවෙන අතර අරමුදලේ ආධාර හෘද රෝගීන්ට ලබා ගැනීම සඳහා අයැදුම් කිරීමේ පහසුකම ඉදිරියේදී මෙම නිල වෙබ් අඩවිය හරහා සැපයීමට නියමිත ය. හදට හදක් භාරකාර අරමුදල වෙනුවෙන් පරිත්‍යාගශීලීන්ගේ පරිත්‍යාග භාර ගැනීම ද මෙහිදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.