by Staff writer 16-02-2019 | 11:46 AM
COLOMBO (News 1st) - වරින් වර ජල සැපයුම අඩාලවීම හේතුවෙන් පන්නිපිටිය ප්‍රදේශ කිහිපයක ජනතාව දැඩි පීඩාවට පත් ව සිටි.
ඔවුන් පවසන්නේ, මේ හේතුවෙන් තම දෛනික කටයුතුවලට දැඩි බාධා මතුව ඇති බවයි.
මෙම තත්ත්වයට දැඩි ලෙස මුහුණදී ඇත්තේ පන්නිපිටිය දේවාල පාර ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.
එම ප්‍රදේශයේ පවුල් 400 කට අධික පිරිසක් ජීවත් වන අතර තමන්ට දින කිහිපයක සිට අඛණ්ඩ ජල සැපුයමක් නොලැබෙන බවට ඔවුන් චෝදනා කරති.
මේ සම්බන්ධයෙන් පන්නිපිටිය ජල සම්පාදන කාර්යාලයේ කාර්යභාර නිලධාරී මිහිරි ජයසිංහ මහත්මියගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය.
ඇය සඳහන් කළේ, කලටුවාව සිට ජලය පොම්ප කරන නලයක කාන්දුවක් හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි.
එය යථා තත්ත්වයට පත් කර ඇති බව ද මිහිරි ජයසිංහ මහත්මිය පැවසුවා ය.