රසායන ද්‍රව්‍යයක් ශරීරගත වීමෙන් දරුවෙකු මරුට

රසායන ද්‍රව්‍යයක් ශරීරගත වීමෙන් රත්නපුරේ දරුවෙකු මරුට

by Staff writer 16-02-2019 | 1:55 PM

COLOMBO (News 1st) - රත්නපුර, කිරිඇල්ල, කරඳන ප්‍රදේශයේදී රසායන ද්‍රව්‍යයක් ශරීරගත වීමෙන් කුඩා දරුවෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, ඊයේ පස්වරුවේ එම රසායන ද්‍රව්‍ය ශරීරගත වීමෙන් පසු දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කළ බවයි. අද පෙරවරුවේ එම දරුවා මියගොස් ඇත. එලෙස මියගොස් ඇත්තේ, එම ප්‍රදේශයේම පදිංචි අවුරුදු එක හමාරක් වයසැති දරුවෙකි. දරුවා මියගොස් ඇත්තේ බැට්ට්‍රිකය තිබූ රසායන දියරයක් ශරීරගත වීමෙන් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇති බව පොලීසිය සඳහන් කළේ ය.