by Staff writer 16-02-2019 | 10:55 AM
COLOMBO (News 1st) - නීති විරෝධි වැලි ජාවාරම් මැඩලීම සඳහා දීපව්‍යාප්ත මෙහෙයුම් ආරම්භ කර ඇති බව භූ විද්‍යා හා කැනීම් කාර්යාංශය පවසයි.
එහි සභාපති අසේල ඉද්දවෙල මහතා සඳහන් කළේ, පොලිස් විශේෂ කාර්ය බලකායේ සහය ද ඒ සඳහා ලබා ගන්නා බවයි.
නීති විරෝධි වැලි ජාවාරම් පිළිබඳව 1921 දුරකතන අංකයට දැනුම් දෙන ලෙස ද ඔහු ඉල්ලීමක් කර ඇත.
සභාපතිවරයා පැවසුවේ, සෑම දිනකට එම දුරකතන අංකයට පැමිණිලි 10 ක් පමණ ලැබෙන බවයි.