දිවුලපිටියේ මහ රෑ සිදු වන හරක් හොරකම

දිවුලපිටියේ මහ රෑ සිදු වන හරක් හොරකම

by Staff writer 16-02-2019 | 10:05 PM
COLOMBO (News 1st) - දිවුලපිටියේ ගම්මාන රැසක කිරි ගොවීහු දැඩි අපහසුතාවට පත්ව සිටිති. ඒ, සංවිධානාත්මක කණ්ඩායම් කිරි ගවයින් පැහැරගෙන යාම හේතුවෙනි. දිවුලපිටියේ බොහෝ දෙනෙකුගේ ප්‍රධාන ආදායම් මාර්ගය වී ගොවිතැන හා කිරි ගවයින් ඇති කිරීමයි. මෑතක සිට මැදියම් රැයේ දිවුලපිටිය උඩුගොඩගෙදර, වෙලගාන, මුද්දරගම, කුඩගම්මන ඇතුළු ප්‍රදේශ ගණනාවක ජනතාව සිටින්නේ විපිළිසරව යි. රාත්‍රියේ පැමිණෙන පිරිස් කිරි ගවයින් පැහැර ගෙන යාම නිසා ගම්වැසියන්ට නිදි වර්ජිතව සිටීමට සිදුව තිබේ. මෙය වසර ගණනාවක සිට සිදු වන්නක් බවත්, පසුගිය සතිය තුළ පමණක් කිරි ගවයින් 12 දෙනෙකු සොරකම් කර ඇති බවත් ගම්වාසීහු ප්‍රකාශ කළහ.