තණමල්විල ඝාතනයට සම්බන්ධ තිදෙනෙක් අත්අඩංගුවට

තණමල්විල පුද්ගලයෙකු ඝාතනය කළ තිදෙනෙක් අත්අඩංගුවට

by Staff writer 16-02-2019 | 9:19 AM

COLOMBO (News 1st) - තණමල්විල නගරයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් තිදෙනෙකු තණමල්විල කුමාරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, සැකකරුවන් සන්තකයේ තිබි යතුරු පැදි දෙකක් සහ වෙඩි තැබීම සඳහා උපයෝගී කරගත් ගිනිඅවි තුනක් ද අද අලුයම සිය භාරයට ගත් බවයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, තණමල්විල ගගේයාය හා සූරියආර ප්‍රදේශයේ පදිංචි 25, 27 සහ 28 හැවිරිදි සැකකරුවන් තිදෙනෙකි. පසුගිය 10 වැනි දා යතුරු පැදි දෙකකින් පැමිණි පුද්ගලයින් 4 දෙනෙකු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මියගොස් තව ත් අයෙකු තුවාල ලැබුවේ ය.