ගෝලීය නායකත්ව සමුළුව 2019

ගෝලීය නායකත්ව සමුළුව 2019

by Staff writer 16-02-2019 | 10:32 PM
COLOMBO (News 1st) - ගෝලීය නායකත්ව සමුළුව 2019 ශ්‍රී ලංකා අදියර අද කොළඹදී පැවැත්විණි. නායකත්වය පිළිබඳව උනන්දුවක් දක්වන විවිධ ක්ෂේත්‍රවලට අයත් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. නායකත්ව පුහුණුව සම්බන්ධයෙන් ලොව ප්‍රධාන පෙළේ කථිකයින් කිහිප දෙනෙකු චිකාගෝ නුවර පැවැති නායකත්ව වැඩමුළුවකදී පැවැත්වූ දේශන කිහිපයකට සවන් දීමට ද ඔවුන්ට අවස්ථාව උදා විය. ඒ අතරට ප්‍රකට ඇපල් සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඇන්ජලා ඇරන්ට්ස් සහ ලොව ප්‍රචලිත මෝගන් ස්ටැන්ලි සමාගමේ උප සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂ කාලා හැරිස්ගේ දේශන ද ඇතුළත් විය. සීමා සහිත කැපිටල් මහරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් මහතා ද මෙහිදී දේශනයක් පැවැත්විය. ඔහු, ගෝලීය නායකත්ව සමුළු වැඩසටහන් යටතේ ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවැති සමුළුවල සජීවීව දේශනයක් පැවැත්වූ පළමුවැන්නායි.