ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 16-02-2019 | 6:23 AM

දේශීය පුවත්

1. කසිප්පු මැඩලීමට ජනපතිගෙන් දැඩි පියවරක්….: මත්ද්‍රව්‍ය හා මත්පැන් පාලනය කිරීමේ වැඩපිළිවෙලේ තව ත් අදියරක් ලබන සතියේ ආරම්භ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි. 2. බන්ධනාගාරගතව සිටින අමල් සහ නදීමාල් වෙනුවෙන් ඇප අයැදුම්පතක් යොමු කිරීමට සැලසුම්: ඩුබායිහි රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගායන ශිල්පි අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා වෙනුවෙන් කඩිනමින් ඇප අයැදුම්පතක් ඉදිරිපත් කරන බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ශාබ්දික වෙල්ලප්පිලි මහතා පවසයි. 3. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට යුරෝපා සංගමයේ නැවතත් සිය විරෝධය: ශ්‍රී ලංකාව තුළ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට යුරෝපා සංගමය නැවතත් සිය විරෝධත්වය පළ කර තිබේ. 4. මැල්වත්තේදී වෙඩි තැබූ ‘කුඩු චූටි’ගේ වගතුග හෙළිවෙයි: ග්‍රෑන්ඩ්පාස්, මැල්වත්ත ප්‍රදේශයේ කාන්තාවකට වෙඩි තැබූ සැකකරුවන් හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.

විදෙස් පුවත්

5. කාෂ්මීරයේදී පොලිස් බස් පෙළකට මරාගෙන මැරනෙ බෝම්බ ප්‍රහාරයක්: ඉන්දු කාෂ්මීරයේ පොලිස් නිලධාරීන් පිරිසක් රැගත් බස් රථ පෙළක් ඉලක්ක කර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ.