by Staff writer 16-02-2019 | 7:33 AM
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ, මෙක්සිකෝ දේශසීමා පවුර ඉදිකිරීම සඳහා අවශ්‍ය ඩොලර් බිලියන 7.5 ක අරමුදල් සම්පාදනය කරගැනීම වෙනුවෙනි.
ධවල මන්දිරයේ රෝස උද්‍යානයේදී මාධ්‍ය අමතමින් අමෙරිකානු ජනාධිපතිවරයා ඒ බව නිල වශයෙන් නිවේදනය කළේ ය.
එහිදී ඔහු සඳහන් කළේ, මත්ද්‍රව්‍ය සහ මිනිස් ජාවාරම්කරුවන් ඇතුළු විවිධ ගණයේ අපරාධකරුවන් සිය රට ආක්‍රමණය කර ඇති බවයි.
එවැනි පුද්ගලයින් රට තුළට පැමිණීම වැළැක්වීමේ අරමුණින් මෙක්සිකෝ දේශසීමාව වටා පවුරක් ඉදිකිරීම අත්‍යවශ්‍ය බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
ජනපති ට්‍රම්ප් ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඩිමොක්‍රටික් පක්ෂය ප්‍රකාශ කර තිබුණි.
එහෙත් ආණ්ඩු බලය හිමි රිපබ්ලිකන් පාක්ෂිකයින් පවසන්නේ ඕනෑම තත්ත්වයකට මුහුණදීමේ සූදානමින් අමෙරිකානු ජනාධිපතිවරයා මෙම පියවර ගෙන ඇති බවයි.