by Staff writer 16-02-2019 | 7:23 AM
COLOMBO (News 1st) - ඩුබායිහි රක්ෂිත බන්ධනාගාරගතව සිටින අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා යන ගායන ශීල්පීන්ගේ මූලික පරීක්ෂණ වාර්තාව ඩුබායි නීතිපතිවරයා වෙත යොමුකර ඇතැයි නීතිඥ ශාබ්දික වෙල්ලප්පිලි මහතා පවසයි.
ඩුබායි සිට නිව්ස්ෆස්ට් වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ඩුබායි පොලීසිය ඔවුන් සම්බන්ධයෙන් චෝදනා ගොනුකිරීම සඳහා ඔවුන්ගේ මුත්‍රා සහ රුධිර සාම්පලවල වැඩිදුර පරීක්ෂණයේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින බවයි.
මේ අතර නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා පැවසුවේ, ඩුබායි අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ගෙන් 16 දෙනෙකුම මත්ද්‍රව්‍ය භාවිත කර නොමැති බවට තොරතුරු අනාවරණවී ඇති බවය.
පසුගිය 04 වැනි දා රාත්‍රියේ කොකේන් මත්ද්‍රව්‍ය ද සමගින් මෙම පිරිස තරු පන්තියේ හෝටලයකදී අත්අඩංගුවට පත්වුණේ එරට පොලීසිය කළ මෙහෙයුමකදීයි.