හැටන් ප්‍රදේශයේ ෆයිනස් රක්ෂිතයක ගින්නක්

හැටන් ප්‍රදේශයේ ෆයිනස් රක්ෂිතයක ගින්නක්

by Staff writer 15-02-2019 | 4:54 PM

COLOMBO (News 1st) - හැටන් ඉහළ වටවල ප්‍රදේශයේ ෆයිනස් වන වගා රක්ෂිතයක ගින්නක් හටගෙන තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ, ගින්නෙන් මේ වනවිට රක්ෂිතයේ අක්කර 10 ක පමණ ප්‍රදේශයකට හානි වී ඇති බවයි. එය පාලනය කිරීම සඳහා ප්‍රදේශවාසීන් සමග එක් ව වන සංරක්ෂණ නිලධාරීන් කටයුතු කරමින් සිටි බව ඔහු සඳහන් කළේ ය. කිසියම් පිරිසක් විසින් මෙම ෆයිනස් වන වගා රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි පොලීසිය සැක කරයි.