සැමියාගේ ඇසිඩ් ප්‍රහාරයෙන් බිරිඳ මරුට

සැමියාගේ ඇසිඩ් ප්‍රහාරයෙන් බිරිඳ මරුට, දියණිය ත් රෝහලේ

by Staff writer 15-02-2019 | 10:11 AM
COLOMBO (News 1st) : කඹුරුපිටිය, රත්කැකුලාව බෝලෙගෙවත්ත ප්‍රදේශයේදී එල්ල කළ ඇසිඩ් ප්‍රහාරයකින් කාන්තාවක් මියගොස් ඇයගේ දියණිය තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔවුන්  ඊයේ රාත්‍රියේ නිවසේ නිදා සිටිමින් සිටියදී මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ලවී ඇති බවයි. ඉන් මිය ගොස් ඇත්තේ 39 හැවිරිදි කාන්තාවකි. තුවාල ලැබූ දැරිය කඹුරුපිටිය ආදාපාන රෝහලට ඇතුළත් කර තිබේ. ඇසිඩ් ප්‍රහාරය ආදාළ කාන්තාවගේ සැමියා සහ තවත් පුද්ගලයෙකු විසින් සිදු කර ඇති බව දැරියගේ ප්‍රකාශවලින් අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. පොලීසිය පැවසුවේ, සැකකරු දැනට මාස 5කට පමණ සිට අදාළ කාන්තාවගෙන් වෙන්වී සිටින බවයි.