සබරගමු සරසවි සිසුන් 54කට පන්ති තහනමක්

සබරගමු සරසවි සිසුන් 54කට පන්ති තහනමක්

by Staff writer 15-02-2019 | 10:47 AM
COLOMBO (News 1st) : සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ සිසුන් 54 දෙනෙකුට සතියක පන්ති තහනමක් පනවා තිබේ. එහි උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා සඳහන් කළේ, පීඨයේ නවක සිසුන්ට නවක වධය ලබා දීමේ සිදුවීම්වලට සම්බන්ධ බවට තහවුරු වීම හේතුවෙන් ඔවුන්ට මෙම පන්ති තහනම පැනවූ බවයි. ඒ අතර සිසුවියන් පිරිසක් ද වන බව උපකුලපතිවරයා සඳහන් කළේ ය. අදාළ සිසුන් සම්බන්ධයෙන් පීඨාධිපතිවරයා වෙත ලැබුණු පැමිණිලි රැසක් සලකා බැලීමෙන් අනතුරුව කළ විමර්ශනයකදී ඔවුන් නවක වධය ලබා දීමට සම්බන්ධ බවට ඒ සම්බන්ධ විමර්ශනයට ලක්කළ කමිටුවකදී අනවරණය වූ බව ද මහාචාර්ය සුනිල් ශාන්ත මහතා පැවසී ය. සබරගමුව විශ්වවිද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ සභාපති නිශ්ශංක ගමගේ මහතා සඳහන් කළේ, සිසුන්ගේ පන්ති තහනම් කරමින් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සිසුන් මර්දනය කරන බවයි.