ලංකා ගුරු සේවා සංගමය විරෝධතාවක

ලංකා ගුරු සේවා සංගමය විරෝධතාවක

by Staff writer 15-02-2019 | 5:27 PM

COLOMBO (News 1st) - ලංකා ගුරු සේවා සංගමය අද දීපව්‍යාප්ත විරෝධතා මාලාවක් සංවිධානය කර තිබුණි.

ඒ, කුරුණෑගල ප්‍රදේශයේ ගුරුවරියකට සිර දඬුවම් නියම කිරීමට එරෙහිව සහ ගුරුවරුන්ගේ සුරක්ෂිතභාවය ආරක්ෂා කරන්නැයි රජයට බල කරමිනි. තෙල්දෙණිය, ගම්පොළ, වලස්මුල්ල, දඹුල්ල, බදුල්ල, මතුගම, පදියතලාව, මැදවච්චිය, නොච්චියාගම ඇතුළු නගර රැසක් කේන්ද්‍ර කර ගනිමින් අද එම විරෝධතා ක්‍රියාත්මක විය.