රන්ජන් පවසන කොකේන් ගන්නා ඇමතිවරු හෙළි කරන්න - විපක්ෂය බලකරයි

by Staff writer 15-02-2019 | 10:07 PM

COLOMBO (News 1st) - රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද ස්ථාන කිහිපයකදී ප්‍රතිචාර පළවිය.

මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් රාජ්‍ය අමාත්‍ය, රන්ජන් රාමනායක,
කොටින්ම කිව්වොත් කොකේන් බොන කැබිනට් ඇමතිවරු පවා ඉන්න බව මම මේ අවස්ථාවේ කියනවා. කොකේන්වලට සම්බන්ධ කැබිනට් ඇමතිවරු පවා ඉන්නවා
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පා.ම, ඩලස් අලහප්පෙරුම,
මේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ ඇමතිවරයෙක් ඉන්නවා කොකේන් ගහන ඇමතිවරු. දෙවි හාමුදුරුවනේ කොකේන් ගහන ඇමතිවරු කැබිනට් එකේ ඉඳන් රටේ අනාගතය ගැන තීන්දු ගන්නවා නම් මගේ දරුවාට යන කලදසාව මොකක් ද?
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පා.ම, පියල් නිශාන්ත
කොකේන් පාවිච්චි කරන ඇමතිවරු නම් ඉන්නේ අපේ තරුණයන්ට දෙයියන්ගේම පිහිටයි රනිල් වික්‍රමසිංහ මේ ආණ්ඩුවේ ප්‍රධානියා විදිහිට මේ පිළිබඳව හොයලා බලලා මේ කැබ්නට් ඇමතිවරු රටට අදුන්වලා දෙන්න ඔනි. මේ අය ඉතා ඉක්මනිතක් කැබිනට් ආමාත්‍යවලින් විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවෙන්ම ඉවත් කරන්න මේ දේශපාලන භූමිකාවෙන්ම ඉවත් කරන වැඩපිළිවෙළ කරන්න ඕනි