by Staff writer 15-02-2019 | 9:54 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව තුළ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට යුරෝපා සංගමය නැවතත් සිය විරෝධත්වය පළ කර තිබේ.
ඊයේ බෙල්ජීයමේ බ්‍රසල්ස්හිදී පැවැත්වුණු යුරෝපා සංගමය හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ කොමිසමේ හමුවෙන් පසුව නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ මේ බව සඳහන් විය.
ජී.එස්.පී ප්ලස් සහනය තවදුරටත් ලබා ගැනීමට නම් මානව සහ කම්කරු අයිතිවාසිකම්, පරිසරය සහ යහපාලනය වැනි විෂයන්වලට අදාළ සම්මුතීන් 27 කට ගරු කරමින් කටයුතු කරන ලෙස යුරෝපා සංගමය දන්වා සිටි.
ඔවුන් පවසන්නේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ජාත්‍යන්තර සම්මුතීන්වලට අනුකූලව සකස් කළ යුතු බවයි.
2020 වසරේ කොළඹදී පැවැත්වෙන මීළඟ සැසි වාරයට පෙර අදාළ ක්‍රියාමාර්ග රැසක් ගන්නා බවට ශ්‍රී ලංකාව මෙහිදී එකඟ වූ බව ද ඒකාබද්ධ නිවේදනයේ සඳහන් විය.