තායිලන්ත රජුගේ අභිෂේක මංගල්‍යයට ජනපතිගෙන් තිළිණයක්

තායිලන්ත රජුගේ අභිෂේක මංගල්‍යයට ජනපතිගෙන් තිළිණයක්

by Staff writer 15-02-2019 | 5:57 PM

COLOMBO (News 1st) - තායිලන්තයේ අභිනව රජතුමා වන මහා වජිරලංකෝන් රජුගේ අභිෂේක මංගල්‍යයට සුබ පැතුම් එක් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී මහා බෝධින් වහන්සේගේ බෝධි අංකුරයක් තිළිණ කර තිබේ.

එම බෝධි අංකුරය ලබන 19 වැනි දාට යෙදෙන නවම් පෝහෝ දින බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා විසින් තායිලන්තයේ අභිනව රජු වෙත පිළිගැන්වීමට නියමිතයි. තායිලන්තයේ අයෝද්‍යා නුවර වජිර ධර්මාරාම විහාරස්ථානයේදී එම බෝධින්වහන්සේ රෝපණය කිරීමට සැලසුම් කර ඇති බව බුද්ධ ශාසන අමාත්‍යාංශය සඳහන් කළේ ය. තායිලන්තයේ වත්මන් රජ පරම්පරාවේ දස වන රජතුමාගේ අභිෂේක මෞලි මංගල්‍යය ලබන මැයි මාසයේදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇත.