ජපාන අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ උපදේශකයකු දිවයිනට

ජපාන අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ උපදේශකයකු දිවයිනට

by Staff writer 15-02-2019 | 4:40 PM

COLOMBO (News 1st) - ජපාන අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ විශේෂ උපදේශකයකු වන කෙන්ටාරෝ ෂොනුරා මහතා නිල සංචාරයක් සඳහා අද පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිත වේ.

ඔහු දින දෙකක් මෙරට රැඳිසිටිනු ඇති. කෙන්ටාරෝ මහතා දෙරට අතර ද්වී පාර්ශවික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා කිහිපයක් ද පැවැත්වීමට නියමිතය. නිදහස් සහ විවෘත ඉන්දු පැසිෆික් කලාපයේ සහයෝගීතාවය වර්ධනය කර ගැනීම ඇතුළුව වැදගත් කරුණු රාශියක් සම්බන්ධයෙන් සාකච්ඡාවලදී අවධානයට යොමු කරනු ඇති බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය සඳහන් කළේ ය.