කසිප්පු මැඩලීමට ජනපතිගෙන් දැඩි පියවරක්....

by Staff writer 15-02-2019 | 6:46 PM

COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය හා මත්පැන් පාලනය කිරීමේ වැඩපිළිවෙලේ තව ත් අදියරක් ලබන සතියේ ආරම්භ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ප්‍රකාශ කර තිබේ.

ජනපති,
මම තව සතියකින් දෙකකින් පටන් ගන්නවා මේ රටේ කසිප්පු සංහාරයක්. සම්පූර්ණයෙන්ම කසිප්පු ගම්වලින් නිදහස් කිරීම, කසිප්පු නොමැති රටක් හදන්න මම විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ගෙදර බිරිඳට අල්ලගෙන තළනවා, බඩු පොළොවේ ගහනවා, ලෙඩෙක් වෙනවා, ආර්ථිකය කඩා වැටෙනවා, යාචකයෙක් වෙනවා, හිඟන්නෙක් වෙනවා. තමන්ම දන්නවා මේක වැරදියි කියලා. නමුත් වැරදි වැඩේ කර කර විනාශ වෙනවා. මතින් නිදහස් ගම්මාන හදන්න ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් හදන්න කියලා මම අමාත්‍යංශයේ ලේකම්තුමාටත් අධ්‍යක්ෂ ජනරාල්තුමාටත් විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා.
මහවැලි ඉඩම් ඔප්පු 10,000 ක් පිරිනැමීම සහ 2018 මහවැලි ගොවි අභිශේක ත්‍යාග හා සම්මාන ප්‍ර‍දානෝත්සවය අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය. ඒ, මහවැලී සී කලාපයේ දිඹුලාගල නුවරගල මහා විද්‍යාලයීය ක්‍රීඩාගංණයේදීයි. නුවරගල මහා විද්‍යාලයේ ද්විතියික විද්‍යාගාර දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කෙරුණේ මෙම උත්සවයට සමගාවීමවයි. කසළ කළමනාකරණයේදී මුහුණදෙන ගැටලු පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහිදී අදහස් පළ කළේ ය.