උ/පෙළ විභාග අයදුම්පත් භාර ගන්නා කාලය දීර්ඝ නොකෙරේ

උ/පෙළ විභාගයට අයදුම්පත් භාර ගන්නා දිනයේ කිසිදු වෙනසක් නැහැ

by Staff writer 15-02-2019 | 7:14 AM
COLOMBO (News 1st) : 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගන්නා දින කිසිදු හේතුවක් මත දීර්ඝ නොකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත් භාර ගැනීම මේ මස 25 වැනිදායින් අවසන් වන බවයි. ඒ සඳහා වන අයදුම්පත් මේ වනවිටත් පාසල් වෙත යෙමු කර ඇති බව එම නිවේදනයේ සඳහන් ය. මේ අතර පෞද්ගලික අයදුම්කරුවන්ගේ අයදුම්පත් ලබන මස පළමුවැනිදාට පෙර යොමු කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. එම අයදුම්පත්  www.doenets.lk වෙබ් අඩවියෙන් භාගත කර ගත හැකියි. මෙවර, උසස් පෙළ විභාගය නව හා පැරණ නිර්දේශ දෙක යටතේ ම පවත්න බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.