by Sagarika Chathumali 14-02-2019 | 5:53 PM
COLOMBO (News 1st) : කඩවතදී අද පස්වරුවේ සිදුවූ වෙඩි වැදීමකින් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා තිබේ.
කඩවත නගරයේ ත්‍රිරෝද රථයක පුද්ගලයකු හෙරොයින් ළඟ තබාගෙන සිටින බවට ලද තොරතුරක් මත පොලීසිය වැටලීමක් සිදුකර තිබේ.
පොලීසිය පැවසුවේ, එහිදී ත්‍රිරෝද රථය සමග සැකකරු අත්අඩංගුවට ගෙන කඩවත පොලිස්ථානයට රැගෙන ඒමට සුදානම් වූ අවස්ථාවේදී පොර බැදීමක් සිදුවූ බවයි.
එහිදී පොලිස් නිලධාරියා සතුව තිබූ ගිනි අවිය ක්‍රියාත්මකවී ඔහුගේම අතට වෙඩි වැදී තිබේ.
පොලීසිය පැවසුවේ, තුවාල ලැබූ පොලිස් නිලධාරියා රාගම රෝහලට ඇතුළත් කළ බවයි.
සැකකරු සතුව තිබූ හෙරොයින් ග්‍රෑම් 10 ක්ද සොයාගෙන තිබේ.
ත්‍රිරෝද රථයේ සිටි සැකකරුගේ මව, බිරිඳ සහ දරුවෙකු ද පොලිස් භාරයට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.
https://www.youtube.com/watch?v=6gSGna4EuqM