මුහුදේ සුළං වේගය අඩුවන ලකුණු...

මුහුදේ සුළං වේගය අඩුවන ලකුණු...

by Staff writer 14-02-2019 | 12:25 PM

COLOMBO (News 1st) - දිවයින සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්‍රමයෙන් අඩුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත්, මුලතිව් දිස්ත්‍රික්කයේත් වැසි ඇතිවීමේ හැකියාවක් ද පවතින බවය. මේ අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊශාන දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැයට කිලෝමීටර් 30 - 40 අතර විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, මන්නාරම සිට කොළඹ හරහා බලපිටිය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින විට පැයට කිලෝමීටර් 50 - 55ක් දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවයි. ඒ පිළිබඳ ධීවර සහ නාවුක ප්‍රජාව අවධානයෙන් කටයුතු කරන්නැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.