මුහුදෙන් රීයුනියන් ගිය 64 ක් ගුවනින් යළි දිවයිනට

මුහුදෙන් රීයුනියන් ගොස් සිහින බොඳ කරගත් 64 ක් ගුවනින් යළි දිවයිනට

by Staff writer 14-02-2019 | 5:37 PM
COLOMBO (News 1st) : නීතිවිරෝධීව ප්‍රංශයට අයත් රීයුනියන් දුපතට ගොස් එරට ආරක්ෂක අංශ භාරයට පත් ශ්‍රී ලාංකිකයින් 64 දෙනා ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබේ. ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ, ඔවුන් ප්‍රංශයේ සිට විශේෂ ගුවන් යානයකින් අද පස්වරුවේ මෙරටට පැමිණි බවයි. එම ශ්‍රී ලාංකිකයින්ගෙන් රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකයේ නිලධාරීන්, මෙරට පිහිටි ප්‍රංශ තානාපති කාර්යාලයේ නිලධාරීන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රකාශ සටහන් කරගත් බව ගුවන් තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ ය. 'ප්‍රංශසා' නමැති මෙරට බහුදින ධීවර යාත්‍රාවක් මගින් මෙම පිරිස ප්‍රංශයේ රීයුනියන් දුපතට නීතිවිරෝධිව සංක්‍රමණය වී ඇත්තේ පසුගිය 5 වැනිදායි. ඒ සඳහා යාත්‍රාවේ නියමුවා ලෙස කටයුතු කළ පුද්ගලයා රුපියල් ලක්ෂය සිට ලක්ෂ 10 ක් දක්වා මුදලක් අය කරගෙන ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.