ග්‍රෑන්ඩ්පාස්, මැල්වත්තේදී 'කුඩු චූටි'ට වෙඩි තියයි

ග්‍රෑන්ඩ්පාස්, මැල්වත්තේදී 'කුඩු චූටි'ට වෙඩි තියයි

by Sagarika Chathumali 14-02-2019 | 9:50 PM
COLOMBO (News 1st) : ග්‍රෑන්ඩ්පාස්, මැල්වත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් කාන්තාවක් තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මීට ටික වේලාවකට පෙර වෙඩි තැබීම කර ඇති බවයි. වෙඩි ප්‍රහාරයට ලක්වූ 39 හැවිරිදි කාන්තාව ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. වෙඩි ප්‍රහාරයෙන් මෙලෙස තුවාල ලබා ඇත්තේ, ආශා ෆාරි හෙවත් කුඩු චූටි නමැති කාන්තාවක බව පොලීසිය පැවසී ය.