ඉරානයේ බෝම්බ ප්‍රහාරයකින් 27 දෙනෙකු මරුට

ඉරානයේ බෝම්බ ප්‍රහාරයකින් 27 දෙනෙකු මරුට

by Staff writer 14-02-2019 | 9:29 AM

දකුණු දිග ඉරානයේදී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකායේ සාමාජිකයින් 27 දෙනකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉරාන - පාකිස්ථානය දේශ සිමා ආසන්නයේ පිහිටි සිස්ටාන් - බලුචිස්තාන් ප්‍රාන්තය ආසන්නයේදී මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති බවයි. සුන්නි මුස්ලිම් සටන්කාමී කණ්ඩායම වන ජේෂ් අල්-ඇඩ්ල් නම් කණ්ඩායම විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට එරට ආරක්ෂක අංශ සැක පළ කරනු ඇත. 1979 ඉස්ලාමීය විප්ලවයෙන් පසුව පිහිටුවන ලද ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය ඉරානයේ ප්‍රධාන මිලිටරි, දේශපාලනික හා ආර්ථික බලවේගයක් ලෙස සැලකෙයි.