ආරක්ෂක මණ්ඩල ප්‍රධානී ගෞරව පදක්කමින් පිදුම් ලබයි

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පාකිස්ථාන ගෞරව පදක්කමකින් පිදුම් ලබයි...!

by Staff writer 14-02-2019 | 7:56 AM

COLOMBO (News 1st) - ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට පාකිස්ථාන නිෂාන් ඊ ඉමිටියාස් මිලිටරි නැමැති ගෞරවාන්විත හමුදාමය පදක්කම ඊයේ පිරිනමා තිබේ.

ඒ, පාකිස්ථාන ජනාධිපති අරිෆ් අල්වි මහතා අතිනි. ඉස්ලාමාබාද් අගනුවර පැවති විශේෂ උත්සවයකදී මෙම පදක්කම පිරිනමා ඇත. මෙම සම්මානය සුවිශේෂි ජයග්‍රහණයන් උදෙසා එරට සිවිල් පුද්ගලයන්ට සහ හමුදා සමාජිකයින්ට පිරිනමනු ලබන ඉහළම ඇගයීම් සම්මානය ලෙස හැඳින්වෙනු ඇති. අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා 1995 දී පාකිස්ථානයේ කරච්චි විශ්වවිද්‍යාලයෙන් ගෞරව උපාධියක් ලබා ගෙන තිබේ.