ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැලි කැනීම තාවකාලිකව අත්හිටුවයි

by Staff writer 14-02-2019 | 11:08 AM

COLOMBO (News 1st) - ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැලි කැනීම් බලපත්‍ර නිකුත් කිරීම හෙට සිට තාවකාලිකව අත්හිටුවන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ඉංජිනේරු සජ්ජන ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, ඒ අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සියලුම වැලි කැනීම් බලපත්‍ර හෙට සිට ලබන 28 වැනි දා දක්වා තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බවය. අවිධිමත් වැලි කැනීම් හේතුවෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ආශ්‍රිතව සිදුවන පාරිසරික විනාශයන් හා අනවසර වැලි කැනීම් පිළිබඳ ලැබෙන පැමිණිලි සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බව ද ඔහු ප්‍රකාශ කළේ ය. ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ඉංජිනේරු සජ්ජන ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, දිස්ත්‍රික්කය තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් ද පත් කර ඇති බවයි. එම කණ්ඩයම පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන්ගෙන් සමන්විතයි.