by Staff writer 14-02-2019 | 9:16 PM
COLOMBO (News 1st) : වෙනස් ආරක තේමාවක් රැගත් අංගම් හටන වාර්තාමය චිත්‍රපටය ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී ඊයේ එළිදැක්විණ.
ආක්‍රමණිකයන්ගෙන් දේශය සුරකින්නට පෙරමුණගත් අංගම් ශිල්පය සමග දේශීය අන්‍යයතාවය ජාත්‍යන්තරයට රැගෙන යෑම සඳහා මේ චිත්‍රපටය නිර්මාණය කර තිබේ.
එය අධ්‍යක්ෂණය කලේ අරුණ ජයවර්ධන මහතායි.
සිරස ගොට් ටැලන්ට් ශුරතාව දිනාගත් අජන්ත මහන්ත ආරච්චි මහතා ඇතුළු ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කළ අංගම් සටන් කණ්ඩායම රංගනයෙන් දායකත්වය සපයයි.
අජනත් මහන්ත ආරච්චි මහතා අංගම්පොර ශිල්පයෙන් ඉදිරියට පැමිණි ආකාරය වටා මේ චිත්‍රපටයේ කතාව ගෙතී තිබේ.
මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවූයේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතායි .
https://www.youtube.com/watch?v=QVgCJq2XPN0