by Sagarika Chathumali 13-02-2019 | 1:25 PM
COLOMBO (News 1st) : රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළේ ය.
විරෝධතාව පැවැත්වෙන්නේ කොළඹ ලෝටස් පාර අවහිර කරමිනි.
මේ හේතුවෙන් සෙරමික් හන්දිය සහ එන්. එස්. ඒ. වටරවුම ප්‍රදේශය වසා දමා ඇතැයි පොලීසිය පවසයි.
එම මාර්ග භාවිත කරන රියැදුරන්ට පොලීසිය දැනුම් දෙන්නේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.