by Staff writer 13-02-2019 | 4:36 PM
COLOMBO (News 1st) - බලංගොඩ, නවනැලිය ඔයේ තිබී සොයා ගත් තරුණිය ගෙළ සිර කර ඝාතනය කර ඇතැයි අනාවරණය වී තිබේ.
ඒ, බලංගොඩ මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය එල්.කේ.සී.ටී. ආරියරත්න මහතා සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ය.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තරුණියගේ ඥාතියෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
පෙරේදා පස්වරුවේ නිවස ආසන්න ප්‍රදේශයකදී අතුරුදන් වූ 20 හැවිරිදි තරුණියගේ මළ සිරුර ඊයේ උදෑසන සොයා ගැනුණේ නවනැලිය ඔයේ තිබියදී ය.