මන්නාරම සමූහ මිනී වළ: කාල නීර්ණ වාර්තාව හෙට

කාල නීර්ණය සඳහා අමෙරිකාවට යැවූ මන්නාරම සමූහ මිනී වළේ අස්ථි කොටස්වල වාර්තාව හෙට

by Staff writer 13-02-2019 | 4:01 PM
COLOMBO (News 1st) - මන්නාරම සමූහ මිනී වළෙන් ලබා ගත් අස්ථි කොටස් සාම්පලවල කාල නීර්ණ වාර්තාව හෙට ලැබෙනු ඇතැයි වාර්තා වේ. අදාළ සාම්පල කාල නීර්ණය සඳහා අමෙරිකාවේ බීටා ඇනලයිසිස් ආයතනය වෙත යැවුණේ ඉකුත් 25 වන දා ය. මේ වන විට මිනී වළෙන් හමු වී ඇති ඇටසැකිළි සංඛ්‍යාව 316ක් වන අතර ඉන් 307ක් ගොඩගෙන ඇතැයි කැණීම් භාර මන්නාරම රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සමින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, ඉන් 26ක් ළමයින්ගේ ඇටසැකිළි බව ය. මිනී වළෙන් ලබා ගත් සාම්පල කාල නීර්ණය සඳහා අමෙරිකාවට යැවීමේ කටයුතු හේතුවෙන් එහි කැණීම් පසුගිය 21 වන දා සිට තාවකාලිකව නතර කෙරුණු අතර ඉකුත් 30 වන දා එම කැණීම් යළි ආරම්භ විය.