බෙල්ජියමේ ගුවන් ගමන් නවතී

බෙල්ජියමේ ගුවන් ගමන් නවතී

by Staff writer 13-02-2019 | 9:29 AM
COLOMBO (News 1st) : වැඩවර්ජනයක් හේතුවෙන් බෙල්ජියමේ සියලු ගුවන් ගමන් පැය 24කට අවලංගු කෙරෙන බව එරට ගුවන් ගමන් පාලන ඒකකය නිවේදනය කළේ ය. ඒ අනුව අද දිනය පුරා එලෙස ගුවන් ගමන් අත්හිටුවනු ඇති. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බෙල්ජියමේ ප්‍රවාහන කේෂත්‍රයට සම්බන්ධ ප්‍රධාන වෘත්තිය සමිති තුනක් වර්ජනය කැඳවා ඇති බවයි. වැටුප් වර්ධක ලබාගැනීම, ප්‍රතිලාභ සහ විශ්‍රාම වැටුප් වැඩිකරගැනීම අරමුණු කරගනිමින් වැඩවර්ජනය ක්‍රියාත්මක වේ. කෙසේ වෙතත් බෙල්ජියම් රජයේ සහ හමුදාවේ ගුවන්යානාවල ගුවන් ගමන්වලට ඉන් බලපෑමක් සිදුව නොමැත.