හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 21 ක ජල කප්පාදුවක්

හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 21 ක ජල කප්පාදුවක්

by Staff writer 12-02-2019 | 5:39 PM

COLOMBO (News 1st) - හෙට උදෑසන 8.00 සිට පසුදින පෙරවරු 5.00 දක්වා පැය 21 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව එම කාල සීමාව තුළ මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය සහ රුක්මල්ගම ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවනු ඇති. මීට අමතරව පැලැන්වත්ත, මත්තේගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කළේ ය. අත්‍යවශ්‍ය හදිසි නවීකරණ කටයුත්තක් ජල සැපයුම අත්හිටුවීමට හේතුවී ඇතැයි ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.