by Staff writer 12-02-2019 | 3:24 PM
COLOMBO (News 1st) - මාර්ග අංක 163 දෙහිවල - බත්තරමුල්ල පෞද්ගලික බස් රථ සේවකයින් මේ වන විට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සේවකයින්ට ලබාදී ඇති නිදහස් ගමන් බලපත්‍රවලට විරෝධය පළ කරමින් වර්ජනය ආරම්භ කළ බවයි.