ඩුබායි සිට දුම්වැටි ගෙනා ලාංකිකයෙකු අත්අඩංගුවට

ඩුබායි සිට දුම්වැටි ගෙනා ලාංකිකයෙකු ගුවන්තොටේදී අත්අඩංගුවට

by Staff writer 12-02-2019 | 4:13 PM

COLOMBO (News 1st) - නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් සමග ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේ, එහි වටිනාකම රුපියල් දහසය ලක්ෂ විසි අට දහසක් බවයි. ඩුබායි සිට අද උදෑසන ඔහු මෙරටට පැමිණ ඇත. 41 හැවිරිදි සැකකරු මිනුවන්ගොඩ පදිංචිකරුවෙකි. අදාළ දුම්වැටි තොගය රාජසන්තක කර ඇති අතර සැකකරු රුපියල් ලක්ෂයක දඩ මත මුදා හැරි බව විපුල මිනුවන්පිටිය මහතා ප්‍රකාශ කළේ ය.