ශක්ති ගුවන් විදුලි නාලිකාව සම්මානයෙන් පිදුම් ලබයි

ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙලේදී ශක්ති ගුවන් විදුලි නාලිකාව සම්මානයෙන් පිදුම් ලබයි...!

by Staff writer 12-02-2019 | 8:40 PM

COLOMBO (News 1st) - නෙළුම්පොකුණ රඟහලේදී මේ වනවිට පැවැත්වෙන 2019 ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙලේදී ශක්ති ගුවන් විදුලි නාලිකාව මේ වනවිට සම්මාන 4 කින් පිදුම් ලබා තිබේ.

ඒ අනුව වසරේ හොඳම ගුවන් විදුලි වාර්තාමය වැඩසටහනට හිමි සම්මානය මෙන්ම වසරේ හොඳම ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනට හිමි සම්මානය මෙවර හිමිවූයේ ශක්ති ගුවන් විදුලි නාලිකාවේ ඥානකුමාරන් ගනාදීපන් මහතාටයි. වසරේ හොඳම ගුවන් විදුලි පූර්ව ප්‍රචාරක පටයට හිමි සම්මානය ශක්ති ගුවන්විදුලි නාලිකාවේ කනගරාසා මයුරන් මහතාට හිමි විය. වසරේ හොඳම ගුවන් විදුලි වාර්තාමය වැඩසටහනය සඳහා වූ ජුරියේ විශේෂ සම්මානය ශක්ති ගුවන් විදුලි නාලිකාවේ වනිතා පරමේප්ෂවරන්හට හිමි විණි. සම්මාන උළෙල මේ වනවිටත් පැවැත්වෙන්නේ නෙළුම්පොකුණ රඟහලේදියි.