අර්ජුන් අලෝසියස් අල්ලස් කොමිසම හමුවට...

by Staff writer 12-02-2019 | 4:29 PM

COLOMBO (News 1st) - පර්පෙෂුවල් ට්‍රේෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් අලෝසියස් මහතා අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනි සිටියේ ය.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ, මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවූ බවයි. අද පෙරවරු 11.40 ට පමණ අල්ලස් කොමිසම හමුවට පැමිණි අර්ජුන ඇලෝසියස් මහතාගෙන් පැය 03 කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගත් බව එම නිලධාරියා සඳහන් කළේ ය. ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව ඔහු පස්වරු 1.50 ට පමණ එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.