ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

කර්තෘ Staff writer

12 Feb, 2019 | 7:44 am

දේශීය පුවත්….

1. ඉන්ධන මිල යළි ත් ඉහළට : අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඉහළ දමා තිබේ.
ඒ අනුව රුපියල් 123.00 ක් ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 6.00 කින් ඉහළ දමා ඇත.

2. මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් සම්බන්ධයෙන් ඩුබායි පොලීසිය සිදුකළ පරීක්ෂණ අවසන් : ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල නායකයෙකු බව කියන මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් සම්බන්ධයෙන් ඩුබායි පොලීසිය සිදුකළ පරීක්ෂණ මේ වන විට අවසන් කර ඇති බවට වාර්තා වේ.

3. අනුරාධපුරේ දියණිය ඝාතනය කළ පියාට මරණ දඬුවම : අනුරාධපුරේ දියණිය ඝාතනය කළ පියාට මරණ දඬුවම වද හිංසා පමුණුවා සිය දියණිය ඝාතනය කළ පියෙකුට අනුරාධපුර මහාධිකරණය අද මරණ දඬුවම ලබාදී තිබේ. ඒ, අවුරුදු තුනහමාරක සිය දියණියට වද හිංසා පමණුවා ගසක හප්පා ඇය ඝාතනය කළ බවට වූ චෝදනාවට වරදකරුවීම හේතුවෙනි.

4. අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් මාදිවෙලදී අත්අඩංගුවට : ප්‍රබල පාතාල කල්ලි නායක අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු බවට සැකකෙරෙන පුද්ගලයෙකු මාදිවෙල ප්‍රදේශයේදී වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

5. ගස් කැපීමට භාවිත කරන චේන්සෝ යන්ත්‍රවලට බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය කෙරේ : ගස් කැපීමට භාවිත කරන චේන්සෝ යන්ත්‍රවලට බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. මේ යටතේ, ලබන 15 වැනි දා සිට මාර්තු 01 වැනි දා දක්වා කාලය තුළ සියලුම චේන්සෝ යන්ත්‍ර ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කළ යුතු වේ.

6. එ.ජා.ප යට නව ආසන සංවිධායකවරු 6 දෙනෙක් පත් කෙරේ : එක්සත් ජාතික පක්ෂ නව ආසන සංවිධායකවරුන් 6 දෙනෙක් පත් කර තිබේ. මෙම පත්වීම් ලබා ගැණුනේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතිනි.

7. ගෝඨාභයගේ විරෝධතාව විශේෂ මහාධිකරණය ඉවත දමයි : හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව විභාග කර අවසන් කිරීමට විශේෂ මහාධිකරණයට නීතිමය බලයක් නොමැති බව පෙන්වා දෙමින් ඝෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥයින් ගොනු කළ විරෝධතා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළේ ය.

8. මිනුවන්ගොඩදී අනතුරකින් පසුව පිරිසකට පහරදුන් පොලිස් නිලධාරියා අත්අඩඅංගුවට : මිනුවන්ගොඩ, නිල්පනාගොඩ ප්‍රදේශයේදී අනතුරකින් පසුව පුද්ගලයින් තිදෙනෙකුට පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

විදෙස් පුවත්…

1. ට්‍රම්ප්ගේ දේශ සීමා පවුරේ සාකච්ඡා යළි අසාර්ථකයි : මෙක්සිකෝව අමෙරිකාවෙන් වෙන්කර ඉදිකිරීමට නියමිත පවුරට අයවැයෙන් ආධාර වෙන්කිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ජා යළිත් වරක් අසාර්ථක වී තිබේ.