ලීග් රග්බි තරගාවලියේ ජය නාවික හමුදාවට

ලීග් රග්බි තරගාවලියෙන් නාවික හමුදා කණ්ඩායමට තියුණු ජයක්

by Staff writer 11-02-2019 | 9:05 AM
COLOMBO (News 1st) : අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ගුවන් හමුදා කණ්ඩායම සමග පැවැති තරගයෙන් නාවික හමුදා කණ්ඩායම තියුණු ජයක් වාර්තා කළේ ය. වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරග ආරම්භයේදී ගුවන් හමුදා කණ්ඩායම ඉදිරියෙන් පසුවිය. ඔවුන් එම අර්ධයේදී ලකුණු 6ක් රැස් කළ අතර නාවික හමුදා කණ්ඩායමට එම අර්ධයේදී රැස් කළ හැකි වූයේ, ලකුණු 5ක් පමණි. කෙසේ වෙතත් දෙවැනි අර්ධයේදී නාවික හමුදා ක්‍රීඩකයෝ දක්ෂතා අතරට පිවිසියහ. ඔවුන් එම අර්ධයේදී තවත් ලකුණු 13ක් රැස් කළ අතර ගුවන් හමුදාව රැස් කිරීමට හැකි වූයේ ලකුණු 11ක් පමණි. ඒ අනුව ලකුණු 18ට 17ක් ලෙස නාවික හමුදා කණ්ඩායම තරගය ජය ගත්තේ ය. නාවික හමුදාව රැස් කළ ලකුණු 18ට උත්සාහක දිනුම් 3ක් සහ ප්‍රවර්ථනයක් ඇතුළත් විය.