ගෝඨාභයගේ විරෝධතාව විශේෂ මහාධිකරණය ඉවත දමයි

ගෝඨාභයගේ විරෝධතාව විශේෂ මහාධිකරණය ඉවත දමයි

by Staff writer 11-02-2019 | 11:46 AM
COLOMBO (News 1st) : හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව විභාග කර අවසන් කිරීමට විශේෂ මහාධිකරණයට නීතිමය බලයක් නොමැති බව පෙන්වා දෙමින් ඝෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥයින් ගොනු කළ විරෝධතා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළේ ය. ඒ, විත්තියේ නීතිඥයින් ඉදිරිපත් කළ මූලික විරෝධතා සම්බන්ධයෙන් තීන්දුව අද ප්‍රකාශයට පත්කරමිනි. මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරිමේදී රාජ්‍ය මුදල් අවභාවිත කිරීමක් සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබේ. https://www.youtube.com/watch?v=vk7x4iUoFLk