චේන්සෝ යන්ත්‍රවලට බලපත්‍ර ලබා ගැනීම අනිවාර්යයි..!

ගස් කැපීමට භාවිත කරන චේන්සෝ යන්ත්‍රවලට බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය කෙරේ

by Staff writer 11-02-2019 | 5:17 PM

COLOMBO (News 1st) - ගස් කැපීමට භාවිත කරන චේන්සෝ යන්ත්‍රවලට බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

මේ යටතේ, ලබන 15 වැනි දා සිට මාර්තු 01 වැනි දා දක්වා කාලය තුළ සියලුම චේන්සෝ යන්ත්‍ර ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කළ යුතු වේ. සෑම පොලිස් ස්ථානයකම සිය බලප්‍රදේශය තුළ චේන්සෝ යන්ත්‍ර ළඟ තබා ගෙන සිටින පුද්ගලයින් පිළිබඳව නාමලේඛනයක් පවත්වා ගෙන යා යුතු අතර ඒ අනුව එම යන්ත්‍ර සඳහා බලපත්‍ර නිකුත් කෙරෙනු ඇති. බලපත්‍රයක් නොමැතිව එම යන්ත්‍ර පරිහරණය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ය. ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද පෙරවරුවේ පැවති විශේෂ සම්මන්ත්‍රණයක් අමතමිනි. මෙම සියලු තීන්දු තීරණ රටේත් මතු පරපුරේත් යහපත වෙනුවෙන් බව ද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේ ය.