එ.ජා.ප යට නව ආසන සංවිධායකවරු 6 දෙනෙක්

එ.ජා.ප යට නව ආසන සංවිධායකවරු 6 දෙනෙක් පත් කෙරේ

by Staff writer 11-02-2019 | 4:46 PM

COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂ නව ආසන සංවිධායකවරුන් 6 දෙනෙක් පත් කර තිබේ.

මෙම පත්වීම් ලබා ගැණුනේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතිනි. එක්සත් ජාතික පක්ෂ දඹදෙණිය ආසන සංවිධායකවරයා ලෙස රූකාන්ත ගුණතිලක මහතා පත් කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා මීගමුව නව ආසන සංවිධායකවරයා ලෙස පත් කළ අතර අරණායක ආසන සංවිධායකවරයා ලෙස පත් කර ඇත්තේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන ලලිත් දිසානායක මහතායි. මහනුවර, පාතදුම්බර ආසන සංවිධායකවරයා ලෙස පත් කර ඇත්තේ හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රී තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතාය. මීට අමතරව වාරියපොළ නව ආසන සංවිධායකවරයා ලෙස මංජුල බණ්ඩාර මහතා හා උදය විජේනායක මහතා හිරියාල නව ආසන සංවිධායකවරයා ලෙසත් පත් කෙරිණි.