අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් මාදිවෙලදී අත්අඩංගුවට

අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් මාදිවෙලදී අත්අඩංගුවට

by Staff writer 11-02-2019 | 5:39 PM

COLOMBO (News 1st) - ප්‍රබල පාතාල කල්ලි නායක අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු බවට සැකකෙරෙන පුද්ගලයෙකු මාදිවෙල ප්‍රදේශයේදී වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 40 කට ආසන්න ප්‍රමාණයක් සිය භාරයට ගත් බවයි. මෝටර් රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. 39 හැවිරිදි සැකකරු අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වැඩිදුර විමර්ශන සඳහා සැකකරු මිරිහාන පොලීසිට භාරදුන් බව වලාන දූෂණ මර්දන ඒකකයේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ ය.