English
தமிழ்
කර්තෘ Staff writer
11 Feb, 2019 | 9:31 pm
ඔහු මේ බව පෙන්වා දී ඇත්තේ, ජනාධිපතිතුමා හා කථානාකවරයා වෙත යොමු කළ ලිපියකිනි.
ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසූවේ, ව්‍යවස්ථා සභාවේ අසාධාරණ හා අයුක්ති සහගත ක්‍රියා කලාපය තුළින් රාජ්‍ය පරිපාලනයට අනර්ථකාරි ප්‍රතිවිපාක අත්කර දෙන බවයි.
ඔහු සිය ලිපියේ අවස්ථා කිහියක් උදාහරණ ලෙස දක්වා තිබීම විශේෂත්වයකි.
රාජපක්ෂ මහතා පැවසූවේ, ජනාධිපති නීතිඥ සුහද ගම්ලත් මහතා පසුගිය රජය සමයේ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාවීම නිසා සියලු සුදුසුකම් සපුරා තිබියදීත් නීතිපති තනතුරුට පත් නොකළ බවය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාවීම නිසා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතාට පොලිස්පති ධූරය අහිමි වූ බව ඔහු පවසා ඇත.
සුදු කොඩි නඩුවේදී දුන් තීන්දුව මුල්කර ගනිමින් දීපාලි විජේසුන්දර මහත්මිය අභියාචනාධිකරණ සභාපති ලෙස පත් නොකළ බවත් ලලිත් වීරතුංග මහතාට ඇප ලබාදීමක් මුල් කරගෙන කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය අභියාචනාධිකරණයට පත් නොකළ බවත් විජේදාස රාජපක්ෂ මහතාගේ ලිපියේ සඳහන් විය.
ඒ.ඒ.හෙයියන්තුඩුව, මහිලාල් වෛද්‍යතිලක හා අරුණ රණසිංහ යන මහාධිකරණ විනිසුරුවන් අභියාචනාධිකරණයට උසස්වීම් ලැබීමට සියලු සුදුසුකම් සපුරා තිබුන ද ඔවුන්ට එම උසස්වීම් ලබා නොදුන්නේ කිසිදු හේතුවක් පවා නොදක්වමින් බව විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
ඔහු සඳහන් කරන්නේ ව්‍යවස්ථා සභාව අධූරදර්ශී හා නීති විරෝධිව කටයුතු කළ අකාරය හා දේශපාලනික වශයෙන් පළිගැනීමේ ක්‍රියාදාමයකට නැඹුරු වූ ආයතනයක් බව මෙයින් පෙනී යන බවය.
මෙම කරුණු සලකා බලා අවශ්‍ය නම් විද්වත් කමිටුවකින් උපදෙස් ලබාගෙන මෙම අහිතකර තත්ත්වය ඉවත් කිරීමට ව්‍යවස්ථා සභාව අනුගමනය කළ යුතු නිර්නායකයන් තීරණය කර ගැසට් කිරීමට පියවර ගන්නැයි ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ඉල්ලා සිටි.
25 Jul, 2018 | 10:37 AM
13 Mar, 2016 | 06:52 AM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS