ඉන්ධන මිල යළි ත් ඉහළට

ඉන්ධන මිල යළි ත් ඉහළට

by Staff writer 11-02-2019 | 9:17 PM

COLOMBO (News 1st) - අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඉහළ දමා තිබේ.

ඒ අනුව රුපියල් 123.00 ක් ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 6.00 කින් ඉහළ දමා ඇත. එහි නව මිල වන්නේ රුපියල් 129.00 කි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 5.00 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 152.00 ක් වනු ඇත. රුපියල් 99.00 ක්ව පැවති ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 103.00 ක් දක්වා ඉහළ දමා තිබේ. සුපිරි ඩීසල් ලීටරයක නව මිල සටහන් වන්නේ, රුපියල් 126.00 ක් ලෙසයි. එය රුපියල් 8.00 කින් ඉහළ දැමුණි. නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, ඉන්ධන මිල සුත්‍රය හඳුන්වාදීමෙන් පසුව ජාත්‍යන්තර මිලට අනුව සිව්වරක් ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇති අතර පස්වරක් මිල අඩු කිරීමට හැකි වූ බවයි. අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඉහළ ගිය ද බස්, ත්‍රිරෝද රථ සහ අනෙකුත් සේවා ගාස්තු ඉහළ දැමීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ද මුදල් අමාත්‍යාංශය අවධාරණය කරයි.