'සේනා' මර්දනය පිළිබඳව කෘෂි බලධාරීන් අද සාකච්ඡාවක

'සේනා' මර්දනය පිළිබඳව කෘෂි බලධාරීන් අද විශේෂ සාකච්ඡාවක

by Staff writer 10-02-2019 | 7:07 AM

COLOMBO (News 1st) - සේනා දළඹු මර්දනය පිළිබඳ ඉදිරි කටයුතු සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වේ.

ඒ, ගන්නෝරුව ජාතික කෘෂි තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේදීයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය එම්. ඩබ්ලිව් වීරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම සාකච්ඡාවේදී ප්‍රාදේශීය මට්ටමින් සේනා දළඹුවාගෙන් සිදුවී ඇති හානිය පිළිබඳ ලැබී ඇති දත්ත විශ්ලේෂණය කෙරෙනු ඇති. ඊට අමතරව එහිදී ඉදිරි යල කන්නය ක්‍රමානුකූලව වගා කර හානිය අවම කර ගැනීම සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් කිරීමට ද බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළේ ය.