විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් නව වාර්තාවක්...

විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් නව වාර්තාවක් - සුනිල් හඳුන්නෙත්ති

by Staff writer 10-02-2019 | 7:26 AM

COLOMBO (News 1st) - විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් නව වාර්තාවක් සකස් කරන බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ පස්වරුවේ සිරස FM ඔස්සේ විකාශය වූ රේඩියෝ සටන සජීවි සංවාදයට එක්වෙමිනි. මේ අතර, කෝප් කමිටු වාර්තාවෙන් අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන් අදාළ අමාත්‍යංශ ලේකම්වරුන් ගත් ක්‍රියාමාර්ග මාර්තු 24 වැනි දාට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව ද සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ ය.