මාකඳුරේ මධුෂ් අද ඩුබායි අධිකරණයට

මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් අද ඩුබායි අධිකරණයට

by Staff writer 10-02-2019 | 12:20 PM

COLOMBO (News 1st) - ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල නායකයෙකු බව කියන මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් 40 දෙනෙකු අද ඩුබායි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතවේ.

පොලීසිය පැවසූවේ, අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ගෙන් 31 දෙනෙකුගේ රුධිර සම්පලවල මත්ද්‍රව්‍ය අඩංගු බවට තහවුරු වී ඇති බවයි. පසුගිය සතියේ අත්අඩංගුවට පත් මෙම සැකකරුවන් අතරට ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ප්‍රමුඛ පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 5 දෙනෙකු සිටින බව පොලීසිය සඳහන් කළේ ය. කංචිපානි ඉම්රාන් නැමති ජාවාරම්කරු ද ඒ අතරට අයත් වේ.