මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ ගවේෂණයට ටෙන්ඩර් කැඳවෙයි

මන්නාරම ද්‍රෝණියේ ස්වභාවික වායු ගවේෂණය සඳහා ටෙන්ඩර් කැඳවයි

by Staff writer 10-02-2019 | 7:44 AM

COLOMBO (News 1st) - මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ සම්පත් ගවේෂණය සඳහා ටෙන්ඩර් කැඳවා ඇතැයි ඛනිජ තෙල් සම්පත් ලේකම් කාර්යාලය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් වජිර දසනායක මහතා සඳහන් කළේ, එහි ස්වභාවික වායු නිධි දෙකක් හඳුනාගෙන ඇති බවයි. ඊට අමතරව ලංකා ද්‍රෝණියේ ද ඛනිජ සම්පත් ගවේෂණය සම්බන්ධයෙන් ලබන අප්‍රේල් මාසයේදී දත්ත විශ්ලේෂණය කිරීමට බලාපොරොත්තු වනු ඇත. නොගැඹුරු මුහුදු තීරයේ ඛනිජ සම්පත් ගවේෂණය සඳහා ටෙන්ඩර් කැඳවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි ඛනිජ තෙල් සම්පත් ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් වජිර දසනායක මහතා සඳහන් කළේ ය.