by Staff writer 10-02-2019 | 5:40 PM
COLOMBO (News 1st) : මාකඳුරේ මධුෂ්ගේ ගෝලයෙකු බවට සැක කෙරෙන පුද්ගලයෙකු සූරියවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අද පෙරවරුවේ කළ වැටලීමකදීයි.
23 හැවිරිදි සැකකරු සන්තකයේ තිබී ගිනි අවියක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.